සිනහවෙන් පිරුණු නත්තලක්

 In Amuzed, IMCD Projects

4“අපි ඔවුන්ට සිනහවක්ගෙන දෙමු” යන්න තේමාව කරගත් IMCD ,AMUZED අපිට 2016 දෙසැම්බර් 17 විශේෂ දවසකට  ඉර පායලා තිබුනා. හැඳල , වත්තල ප්‍රීතිපුර නිවහනට නත්තල් අරන් එන්න අපි පොරොන්දු වෙලා තිබුනා. සෙමෙන් මනස වැඩෙන දරුවන් සහ ඒ අශ්‍රිත රෝග හේතුවෙන් අසරණවූ දරුවන් 72කු මෙම නිවාසය තුල සිටිනවා.

එදින දවස පුරා අපි ඔවුන් සමඟ රැඳෙමින් ඔවුන්ගේ වාසස්ථානය පිලිසකර කරන්නට දායක උනා . AMUZED අපි වගේම පුංචි පුංචි අත් උදවු දෙන්න, වැඩ කරන්න ප්‍රීතිපුර සහෝදර සහෝදරියන් හරි හරියට අපිත් එක්ක එකතුඋනා. හුනුපිරියම් කරන්න, තීන්ත ආලෙප කරන්න වගේම තවත් ප්‍රතිසංස්කරන කටයුතු රැසක් එදින අපි නිම කලා.

1331952930158604ලැබෙන පොඩි විවේකයෙදි අපි ඔවුන් සමඟ පිළිසඳරක යෙදුනා. ඔවුන් බොහොම ලෙංගතුව ඔවුන්ගේ අදහස් අපි සමඟබෙදාගත්තා.

මල්ලියෙක්ට බලු පැටියෙක් ඕනේ වෙලා. ඒක අපේ තුසිත් අයියාට කියලා තිබුනා, ඒ විතරක් නෙවෙයි එයා බලු පැටියාව ඕනේමයි කියලා දවසෙම අපිට ඒ ගැන කිවුවා.නමුත් ආයතනයේ තිබෙන නීති වලට පටහැනි නිසා බලු පැටියෙක් ගෙනත් දෙන්න අපි පසුබට උනා.

මේ සියලු දරු දැරියන් සෙමෙන් මනස වැඩෙන දරුවන් සහ ඒ අශ්‍රිත රෝග හේතුවෙන් මෙහි රැඳී සිටින නිසාම ඔවුන්ගේ හැම හීනයක්ම හැබෑ කරන්න අපිට ඇති ඉඩ ප්‍රස්ථාව විරලයි. ඒ ලෝකේ තියෙන්නෙ හරිම අව්‍යාජ බලාපොරොත්තු.

හෙට ඔයාලත් එනවද පල්ලි යන්න,අද අපි ගියා හෙටත් යන්වා,ඔයාලත්එන්න

තීන්ත ගාන්න උදවු වෙන්න එන්නද

අද හවස අපි සිංදු කියනවානේ,ඔයාලා එනවද බලන්න??”

ඒ ආරාධනාවන්, ඒ සොඳුරු හිතවත් කම් සියල්ලවත්තල ප්‍රීතිපුර ළමා නිවාසයේ දරැවන්ගෙන්.3

17 දින දවස පුරා ඔවුන්ගේ ලෝකයේ රැඳුන අපි සමුගත්තේ 18 වන දින ඔවුන් සමඟ නත්තල සමරන්න සුදානමින්.නත්තල ඔවුන්ට සුන්දර අත්දැකීමක් කරන්න IMCD, AMUZED අපි උත්සහ කලා. දරුවන් ඔවුන්ගේ දක්ශතාවයන් පෙන්වමින් මනරම් තූර්ය වාදන කන්ඩායම අපි සියලු දෙනා පිළිගත්තේ ඉතාම ආදරයකින්. පුංචි පුංචි ක්‍රියාකාරකම් සහ තෑගි බෝග බෙදාග්නිමින් 18 වන දින දවස පුරා අපි ඒ අය සමඟ ගතකලා.

එම සන්ද්‍යාවේ අපි ඉඩවෙන් කරේ ඔවුන්ගේ දක්ශතාවයන්ට. ගයන්න වයන්න රඟන්න පමණක් නෙවෙයි නර්ථනයටත් දක්ශතා ඇති දරුවන් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත්කලා. ජීවිතය දිනන්නට ඔවුනට මඟක් නොමැතිවුවත්, ඔවුන් සමාජයෙන් වෙන් නොකොට, පිලිකුල් නොකර සිටින ආකාරයෙන්ම පිළිගැනීම මිනිසුන් ලෙස අපගේ වගකීමක්. ඔවුන් දෙස ආබාධිතයෙකු යන හැඟීමෙන් තොරව බලන්නට හැකිනම් එය ඔවුන්ට සවියක් වේවී.

ඔවුන්ට අවශ්‍ය අනුකම්පාව නොවේ, ආදරයයි!!

වැඩි විස්තර සදහා : Day1

Day 2

IMCD සංවිධානයේ AMUZED ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුන 10 වැනි වැඩසටහන ලෙස මෙය නිමාවෙද්දී, මීලඟ ව්‍යාපෘති වැඩසටහන් සමඟ සම්භන්ධ වන්නට, මුල්‍යමය සහ ද්‍රවයමය සහය ලබා දෙන්නට කැමති අයෙකු සිටී නම් ව්‍යාපෘති කළමණාකාර තුසිත් ෆොන්සේකා මහතා(0773081208) ඇමතීමට හැකියාව තිබෙනවා.

 

ඒ වගේම පහත සඳහන් ලිපිනයන් ඔස්සේ IMCD අපිව සම්භන්ධ කර ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා.

Email: info@imcds.org

Facebook: https://www.facebook.com/imcd.amuzed

 

 

­­­­__තිසුම්ගුණවර්ධන__

Leave a Comment