නත්තලට සැබෑ අරුතක්…

 In Amuzed, IMCD Projects

Amuzed - C2RIMCD අපි ප්‍රජා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වශයෙන් ,“සමාජය” ජීවත් වීමට වඩාත් යහපත් තැනක් කිරීමට ගොඩ නැගුන  රාජ්‍ය නොවන තරුණ සංවිධානයකි.

වර්ශ 2012 මාර්තු මස 17 වැනි දින ආරම්භ කෙරුන මෙය “සමාජයේ සිට සමාජයට, සමාජය සමඟ” යන කරුණ මූලික කර ගනිමින් ආදර්ශමත් සමාජසේවා ආයතනයක් ලෙස මෙරට දරුවන්ගේ ජීවන තත්වය සුව පහසු කිරීමට ගොඩනැගුනකි.

තරුණ උපාධිධාරීන් තිදෙනෙකුගේ සිතෙහි නැගුන සරළ අදහසකින් ක්‍රියාත්මක වූ මෙම සංවිධානය අද  වනවිට සාමාජිකයන් 230 අධික සංඛ්‍යාවකගෙන් හා 700 ට අධික වූ ස්වේච්චා සාමාජිකයන් ගෙන් සමන්විත වේ.

IMCD සංවිධානය අද වන විට ව්‍යාපෘති 5කින් සමන්විත වන අතර විවිධ තේමාවන් යටතේ සමාජ මෙහෙවර කිරීම මෙහි මූලික අරමුණයි ඔවුන්ගේ මිලඟ වැඩසටහන ආබාධිත දරුවන් සුරැකුම් මධ්‍යස්ථානයක නත්තල සැමරීමයි.

Amuzed ව්‍යාපෘතිය යටතේ සංවිධානය කෙරෙන මෙය දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින පුරා හැඳල, වත්තල, ප්‍රීතිපුර නිවාසයේදී සිදු කෙරෙනු ඇත.

හීන ගොඩ ගැසුනු, හීන වලට පාරක් නැති,සෙමෙන් මනස වැඩෙන දරුවන් සහ ඒ අශ්‍රිත රෝග හේතුවෙන් අසරණ වූ දරුවන් හැත්තෑ දෙදෙනෙකු මෙම නිවාසය තුල ජීවත් වේ.

ඔවුන්ට අවශ්‍ය ආහර ද්‍රව්‍ය, සනීපරක්ශක සහ ලිපි ද්‍රව්‍ය මෙන්ම ඔවුන් ගේ වාසස්ථානය අළුත්වැඩියා කර, තීන්ත ආලේප කර ප්‍රතිසංස්කරණය කිරීම Amuzed කන්ඩායමේ බලාපොරොත්තුවයි.

අපි ඔවුන්ට සිනහවක් ගෙනදෙමු යන්න තේමාව කරගත් කණ්ඩායම මේ ආකරයෙන් ම වැඩිහිටි දිනයට සමගාමීව එය සැමරුවේ කොට්ටාව චාර්ල්ස් රොසලින් වැඩිහිටි නිවාසයේ දෙමවුපියන් පනස් දෙදෙනෙකු සමඟ පසුගිය ඔක්තෝබර් මස 21 දායි.

නැවතත් මේ නත්තලේ සතුට බෙදාගන්නට තවත් හිතකට සතුටක් ගෙනෙන්නට අපත් සමඟ 17 සහ 18 දෙදින පුරා එකතු වෙන්නට ඔබට ආරධනා කරනවා.

ඒ සමඟම ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය සහය හෝ ද්‍රව්‍යමය සහයන් ලබාදෙන්නට කැමැත්තෙන් සිනහවකට උදවු කරන්නට කැමතිඅයෙකු සිටීනම් ව්‍යාපෘති කළමණාකර තුසිත් ෆොන්සේකා  (077 – 30 81 208) ඇමතීමට හැකියාව තිබෙනවා.

අපේ ෆේස්බුක් සබැඳිය

ඉතින් එන්න අප සමඟ ඔවුන්ට සිනාසෙන්නට උදවුවක් වන්නට……

 

__තිසුම් ගුණවර්ධන__

Leave a Comment